Wednesday, August 7, 2013

අයිතිකරුගේ වාචික නියෝග වලට සවන් දෙන ස්මාර්ට්ෆෝනයක්.

අයිතිකරුගේ වාචික නියෝග වලට සවන් දෙන ස්මාර්ට්ෆෝන් උපාංගයක් නිපදවීමට ගූගල් සමාගමට අයත් මෝටරෝලා සමාගම සමත්වී තිබේ.

මෙම අපූරු ස්මාර්ට්ෆෝන් උපාංගය නම් කර ඇත්තේ මොටෝ එක්ස් (Moto X) ලෙසයි.
මෙම උපාංගයට ‘ඕකේ ගූගල් නව්…’ (OK Google now...) කියු පමණින් එහි ටච්ලස් පාලන පද්ධතිය ක්‍රියාත්මක වන අතර, එතැන් පටන් එහි අයිතිකරු ලබාදෙන වාචික නියෝග අනුව උපාංගය ක්‍රියා කරයි.

 අඟල් 4.7ක තිරයක් හා මෙගාපික්සල් 10ක කැමරාවක් සහිත මෙම උපාංගයේ මිල ඇමෙරිකානු ඩොලර් 199ක් සිට ආරම්භ වන බව විදෙස් වාර්තා වල දැක්වේ.
    ඇමෙරිකාවේ නිෂ්පාදනය වන මෙම උපාංගය, ගූගල් සමාගම විසින් 2012 මැයි මාසයේදී මෝටරෝලා සමාගම අත්පත්කරගැනීමෙන් පසුව සම්පූර්ණයෙන්ම තැනුනු පළමු නිෂ්පාදනයයි.
 මෙම මාසය අවසානයේදී හෝ ලබන මාසයේ ඇමෙරිකාව, කැනඩාව හා ලතින් ඇමෙරිකාවේ දී එළදැක්වීමට නියමිත මෙම උපාංගය යුරෝපයේ එළිදැක්වෙන දිනයක් තවමත් හෙළිදරව් කර නොමැත.

No comments:

Post a Comment