Saturday, August 17, 2013

වැරැදි හදන පෑනක්


අතින් ලිවීමේදී සිදු වන වැරදි පරීක්‍ෂා කිරීම සඳහා ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් විසින් විශේෂ පෑනක් හඳුන්වා දෙති. ලන්ස්ට්ෆ්ට් ලෙස හඳුන්වා දී ඇති මේ පෑන ලිවීමේදී අක්ෂර වින්‍යාසයේ හෝ ව්‍යාකරණ දෝෂයක් සිදු වූ විට කම්පනය වේ.
පෑනෙහි භාෂා 40ක පමණ වැරදි හඳුනාගත හැකි මෘදුකාංග යොදා නිර්මාණය කර ඇති නිසා එය අලූත් භාෂා ඉගෙන ගැනීමටද යොදා ගත හැකි බවත් කියති.
එසේම මෙය වයිෆයි ජාලයක් හරහා ස්මාට් දුරකථනයට හෝ පරිඝණකයට සම්බන්ධ කර සමාජ ජාල වෙබ් අඩවි වල අකුරු ලිවීමත්, ඒවා බෙදා හැරීමත් සෘජුවම සිදුකළ හැක.
ෆෝක් වොස්කි සහ ඩැනියෙල් කෙස්මැක විසින් නිර්මාණය කරන ලද ලන්ස්ට්ෆ්ට් ළමයින් සහ වැඩිහිටියන්ට ලිවීම, අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ කුසලතා වැඩි දියුණු කර ගැනීමට භාවිතා කළ හැකි බව සඳහන්වේ.

No comments:

Post a Comment