Sunday, August 4, 2013

මරණය අභියස සිටියදීත් හිනැහුනු දියණිය

මතකද මේ සුන්දර දැරිය ඇයගේ නම ටාලියා කැස්ටලානෝ (Talia Castellano). දුර්ල ගනයේ පිළිකා රෝගයකින් හා ලියුකේමියාව යන දරුණු රෝගාබාද දෙකකින් පීඩා විදිමින් සිටියදීත් තම ජීවිතය  දෙස සුන්දරලෙස දැකපු දැරියක් .
පිළිකා රෝගයට ලක් වනවිට අගේ වයස අවුරුදු
7 ක් පමනි.
ඉන්පසු ඇය ක්‍රමයෙන් රුපලාවන්‍ය ආලේපන භාවිතයට නැබුරු විය.
ඇය තම මුහුණ රුපලාවන්‍ය ආලේපන වලින් හැඩ කරගෙන සොදුරු සිනාවකින් ලෝකය ඉදිරියේ පෙනී සිටියාය.
ඒ අයගේ බ්ලොක් අඩවිය ඔස්සේය එම පින්තූර සදහා මිලියන ගනන් ජනතාවගේ ප්‍රතිචාර පුංචි ටාලියාට ලැබුනි.බොහෝ දෙනෙකුගේ ආදරය හා අවදානය 
ටාලියා කෙරෙහි යොමු විය .
         ටාලියා නමින් වෙනමම වෙබ්  පිටු හා රුපවාහිනී වැඩසටහන් නිර්මාණය විය. පිලිකා රෝගී තත්වය මත පෙර තිබූ ලස්සන කොණ්ඩය ඇයට අහිමි උවත් එම කිසිදු වැඩසටහනකින් හෝ පින්තුරයකින් ටාලියාගේ රෝගීතත්වයක් පිළිබිබු නොවුනු අතර ඇගේ සුන්දර සිනහව ඒ සියල්ල යටපත් කරගෙන ආකාරයක් පෙනුනි.
කෙසේ වෙතත් තමාට ආදරය හා අනුකම්පාව දැක්වූ ලෝවැසි විශාල පිරිසකගේ  නෙතගට කදුලක් එක් කරමින් දහතුන්වන වියේ පසු වූ ටාලියා නොබෝදා එනම් ජුලි මස 16වන දින
  සදහටම මෙලොවින් සමුගත්තාය ඒ තම සුන්දර  .සිනාවෙන් සැරසුනු පින්තූර වලට වඩා වැඩි යමක්
 අපේ සිත් සතන් තුල ඉතිරි කරමින්ය. එනම් කුමන දුක්කම්කටොළු තම ජිවිතයට පැමිණියත් ඒ සියල්ල දෙස උපේක්ෂා සහගතව ධනාත්මක ආකාරයකින්
බලන්නට පුලුවන්නම් ඒ සියල්ලධෛරය සම්පන්නව මුහුණ දෙන්නට පුලුපන් නම්
  කෙටි කලකට උවත් අපට ලැබුණු  මේ ජීවිතය සතුටින් හා සාර්ථකව ගත කරන්නට පුළුවන් වන බවයි.

No comments:

Post a Comment