Sunday, February 28, 2016

තවමත් ලෝකයාට අභිරහසක් වූ පාස්කු දූපතේ ශිලා ප්‍රතිමා.(Ester Island)

අප ජීවත්වන ලෝකයේ අපට අවබෝද කරගත නොහැකි අබිරහස් බොහොමයක් සැගව පවතින අතර  මිනිසා විසින් නිර්මාණය කළාදැයි විශ්වාස කිරීමට නොහැකි මට්ටමේ විවිද නිර්මාණයන්ද ඒ අතර වේ. එම නිර්මාණ වෙනත් පිටසක්වල ජීවීන්ගේ අනුදැනුමෙන් නිර්මාණය වන්නට ඇතැයි පවසන්නේද එබැවිනි. වගා කව,පිරමීඩ,බර්මියුඩා තිකෝනය,පාස්කු දූපතේ ගල් ප්‍රතිමා, ආදිය එවැනි නිර්මාණ අතර වේ.මෙම ලිපියේ අරමුණ ලෝකයට අභිරහසක්වූ පාස්කු දූපතේ ගල් ප්‍රතිමා පිළිබද ඔබේ අවදානය යොමුකරවීමයි.
              මෙම පාස්කු දූපත අයත් වන්නේ චිලී දේශයට වන අතර එය ගිනිකඳු විදාරණය වීමකින් නිර්මාණය වන්නට ඇතැයි උපකල්පනය කරන කුඩා දූපතකි. මෙහි පිහිටීම අනුව සමකයට අන්ෂකක 27ක් පමණ දකුණු දෙසින් පැසිපික් සාගරයේ  පිහිටයි.තවද මෙම දූපතට චිලියේ සිට කි.මි.3600 ක පමනදුරක් ඇති නිසා මෙය ලොව වඩාත්ම දුරින් පිහිටි ජනතාවක් වාසය කරන දූපත ලෙසද සලකයි.භූමියේ විශාලත්වය වර්ග කි.මි. 117 ක් පමණ වේ.එය අක්‍රීය ගිනිකඳු තුනකින් නිර්මාණය වී ඇති අතර උසම ගිනි කන්ද "ටෙරිවකා" යනුවෙන් හඳුන්වයි. කලින් මෙම දූපත "ලෝකයේ මද්‍යය" යන තේරුම දෙන නමකින් හදුන්වා ඇති අතර පසුව මේම දුපතට පැමිණි ප්‍රථම යුරෝපිකයා පැමිණ ඇත්තේ 1722කේ පාස්කු ඉරිදා දිනයක බැවින් මෙයට පාස්කු දූපත (Ester Island) යනුවෙන් නම් තබා තිබේ.
          මෙම පාස්කු දූපතේ විශේෂත්වය වන්නේ මෙහි විශාල ප්‍රමාණයේ පාෂාණමය ප්‍රතිමා 800 කට අදික ප්‍රමාණයක් දක්නට ලැබීමයි.තවද මෙම ප්‍රතිමා මේ ආකාරයට ඉදිකිරිම පිළිබඳව වන නිශ්චිත හේතුවක් දැනගැනීමට මේදක්වා හැකියාවක් ලැබී නැත.එය තවමත් ලෝකයාට නොවිසදුනු අභිරහසකි.මීට ශතවර්ෂ කීපයකට පෙර මෙහි ඉතා හොඳ වනගහනයක් පැවති අතර කාලයාගේ ඇවෑමෙන් එය ක්‍රමයෙන් විනාශ වී ගොස් ඇති අතර වර්තමානයේ මෙය සුළු පිරිසක ජනතාවක් වෙසෙන නිසරු මුඩු බිමක් බවට පත්වී තිබෙනවා.
         පාස්කු දූපතේ මේවනවිට ශිලාප්‍රතිමා 880කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ඒවා මීටර් 3 සිට 12 දක්වාවූ විවිද උස මට්ටම් වලින් යුක්ත වනවා.මෘදු ගිනිකඳු පාශානයෙන් නිර්මිත මෙම ප්‍රතිමා වල විශාල හිසක් පිහිටා ඇති අතර කැපීපෙනෙන ලෙස නාසය හා කන් දක්නට ලැබෙනවා.මේ ප්‍රතිමා නෙලීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ රානෝ රකාකු නම් ගිනිකඳු ආවාටයෙන් බවයි විද්‍යාක්න්‍යයින් පවසන්නේ.ක්‍රි.ව 400 දී පමණ පෙලිනීසියානුවන් විසින් මුලින්ම මෙම දූපත ජනාවාස කල අතර ක්‍රි.ව.800 ත් 1000 ත් අතර කාලයේ මෙහි දක්නට ලැබෙන විශාල ප්‍රතිමා නිර්මාණය වන්නට ඇතැයි සැලකෙනවා.මෙම ප්‍රතිමා Moai යනුවෙන් හඳුන්වනවා.
            අඩි 14ක් පමණ වන සාමාන්‍ය ප්‍රතිමාවක බර ටොන් 14ක් පමණ වෙනවා.තවත් සමහර ප්‍රතිමා අඩි 33 ක් පමණ උස වන අතර බර ටොන් 80 ක් පමණ වෙනවා.තවත් ප්‍රතිමාවක් වැළලී තිබී හමුවූ අතර එය අඩි 65ක් උස්වූ අතර ටොන් 270 ක පමණ බරින් යුතු වුනා.දූපතේ මෙම විශාල ප්‍රමාණයේ ප්‍රතිමා තැම්පත් කිරීමට පොලව මත විශාල වේදිකා ඉදිකොට ඇතිඅතර විශාලත්වය අනුව.ප්‍රතිමා ඉදිකළ ස්ථානයේ සිට වේදිකාමතට ඇදගෙන ඒමට මිනිසුන් 50 ත් 150ත් අතර පිරිසක් අවශ්‍ය වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.එම වේදිකා මුහුද දෙසට යොමුවන පරිදි නිර්මාණය කර තිබෙනවා.ඉතා සියුම් ලෙස ගල් සම්බන්ද කරමින් තනා ඇති වේදිකා ඉදිකිරීමේදී කිසිදු බදාමයක් යොදානොගැනීමද විශේෂත්වයක් සාමාන්‍යයෙන් එවැනි එක වේදිකාවක ප්‍රතිමා 4ත් 6ත් අතර ප්‍රමාණයක් සවිකර තිබෙන අතර ටොන්ගාරී නමැති වේදිකාවේ ප්‍රතිමා 15ක් සවිකර තිබෙනවා.
              කෙසේ වෙතත් මේ මහා නිර්මාණය කල මිනිසුන් පිළිබඳව මේ දක්වා ප්‍රමාණවත් තරම් තොරතුරු අනාවරණය කර ගැනීමට පර්යේෂකයන්ට හැකියාවක් ලැබී නැහැ .මෙවැනි ප්‍රතිමා නිර්මාණය කිරීමට බලපෑ හේතු හෝ එයින් කුමක් බලාපොරොත්තු වුවාද යන්න තවමත් පැහැදිලිවී නොමැත.නමුත් ජනතාව තම ආගමික ඇදහිලි හා විශ්වාස වෙනුවෙන් මේවා ඉදිකරන්නට ඇති බවට ජනප්‍රිය මතයක්නම් පවතිනවා.ඒවගේම ඔවුන්ට හොද තාක්ෂණික දැනුමක් තිබූ බවටත් මෙම නිර්මාණ  සාක්ෂි දරනබැවින් පස්කු දූපත අදටත් සැලකෙන්නේ අතිශය වැදගත් පුරාවිද්‍යාත්මක භූමියක්‌ ලෙසයි.
 
         තවද මෙහි වාසය කල පැරණි ජනතාව පාස්කු දූපත" ලෝකයේ මද්‍යය,ස්වර්ගය දෙස බලන ඇස"යන අනුවර්ත නාමයන් වලින් හැදින්වීමට හේතුව කුමක් වියහැකි ද.එය පැරණි මිත්‍යා විශ්වාසයක්ද නැතහොත් අපට වැටහෙන මානයට එහා ගිය වෙනත් හේතුවක් නිසා විය හැකිද. ඒ නිසාම පාස්කු දූපතේ ශිලා ප්‍රතිමා තවමත් පවතින්නේ ලොව නොවිසදුනු අභිරහසක් ලෙසයි.

No comments:

Post a Comment