Tuesday, July 30, 2013

ජංගම දුකතනයේ නිර්මාතෘ

වර්තමානයේ ලෝකයේ ජංගම දුරකතන සම්බන්දතා ප්‍රමානය මේ වනවිට කෝටි හයසියයද ඉක්මවා ඇත .
මෙම ලෝකය වෙනස්  කල නිර්මාණය බිහීවූයේ 1973 වර්ෂයේදීය. මෝටරෝලා සමාගම වෙනුවෙන් මේ සදහා මූලික වී කටයුතු කලේ ඇමරිකාවේ "මාටින් කුපර්"
විසිනි.    එම දුරකතනය
     දිගින් අගල් දහයක්  විතරද පළල අගල් එකහ මාරක් වූ අතර දුරකතනයේ ඝනකම අගල් හතරහමාර්ක් හා බර රාත්තල් දෙකහමාරක් පමන විය.
   මෙය 1973 දී නිර්මාණය උවත් වෙළද පොලට
හදුන්වා දුන්නේ 1983 ඔක්තෝබර් මාසයේදීය. එවකට එහි මිල ඩොලර් 3900ක් වූහ.වරක් CNN
  පුවත් සේවය සමග අදහස් දක්වූ 83වන වියේ පසුවෙන ජංගම දුකතනයේ නිර්මාතෘ මාටින් කුපර්
  එවකට තම අත් දැකීම් මෙසේ විස්තර කර  ඇත.
"අපි 1973 නේ මාද්‍ය සාකච්චාවක් කරා.එකට ආපු මාද්‍ය වේදිනියකට අපි කිව්වා දුරකථන
ඇමතුමක් ගන්න කියලා.ඇය ඇසුවා මගේ අම්මා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඇයට කතා කරන්න පුලුවන්ද කියලා.මම පුළුවන් කීවා.පසුව ඇය අම්මට කතා කලා .ඇමරිකාවේ ඉදලා ඕස්ට්‍රේලියාවට ලෝකෙවටේ
භාගෙකට වඩා වැඩි දුරක්. දුරකතන ඇමතුම ගත්ත ඇය පසුව පුදුමයෙන් භිරාන්ත වී සිටියා. 1980 දි පැවැත්වූ මාද්‍ය සාකච්චාවකට ඇමරිකානු උප ජනාදිපති ජෝර්ජ් ඩබ්ලිව් එච් බුෂ් කැදවාගෙන අවා මෙම නිර්මාණය ගැන ඔහුද පුදුමයට පත් වුනා.මට මේක රේගන්ටත් පෙන්වන්න ඕන කීවා.පසුව අපි ජනපති
   'රොනල්ඩ් රේගන්ටත් සෙලියුලර් දුරකතනය පෙන්නුවා."
"කවදා හරි දවසක ලෝකේ සැම කෙනෙක් ලගම මොබය්ල් ෆෝන් එකක් තිබේවි කියලා හිතුවා
නමුත් මගේ ජීවිත කාලය තුල එම කාරණය සැබෑ වෙනතරම් ඉක්මනට මොබයිල් ෆෝන් ජනප්‍රිය
වෙයි කියල නම් හිතුවේ නැ".ඔහු අවසාන වෂයෙන් පාවසා සිටියේය.
                  
                             



  




 

1 comment:

  1. ජංගම දුරකතනයේ මෙච්චර ලොකු දියුණුවක් වෙයි කියලා මේ නිර්මාතෘවරයා ජීවත්ව ඉන්න කාලෙදිම තමන්ගේ ඇහැට කනට දකින්නට ඇහෙන්නට පුලුවන් වෙයි කියලා හිතුවද දන් නෑ. කරුණු වලට ගොඩක් ස්තුතියි.

    ReplyDelete