Thursday, September 19, 2013

පෞද්ගලික පරිගණකයේ පියා "එඩී රොබට්ස්"



පරිගණක ලොට හදුන්වා දුන් මුල් කාලයේ එනම් හැත්තෑව දශකයේ මුල් භාගයේ පරිගණකයක් ලෙස හැදින් වූයේ විශාල පරීක්ෂණාගාර ගොඩනැගිලි පුරාවට ඉදිවූ යන්ත්‍රවලින් සමන්විත වූ කර්මාන්ත ශාලා වැනි උපකරනයන්ය.

එතරම් විශාල වූ සහ අදික පිරිවැයක් වූ පරිගණක මේසයක් මත තැබිය හැකි තරම් කුඩා  කොට නිර්මාණය කල පුද්ගලයා වූයේ "හෙන්රි එඩ්වඩ් රොබට්ස්ය"(henry edward roberts) ."එඩී රොබට්ස්"ලෙස ප්‍රසිද්ධ වූ ඔහු අද සැලකුම් ලබන්නේ "පෞද්ගලික පරිගණකයේ පියා(Father of Personal Computer)" ලෙසයි.

  ඇමරිකානු ගුවන්හමුදාවේ ඉන්ජිනේරුවරයකු ලෙස ජීවිකාව ඇරඹූ 'එඩී රොබට්ස්'1968 දී තම උපාදිය සම්පූර්න කල අතර අනතුරුව ඔහු එකල ජනප්‍රිය මාතෘකාවක් වූ 'රොකට්'  තාක්ෂණය කෙරෙහි යොමු විය.එහිදී විශාල'රොකට්' වලට සමාන කුඩා රොකට් සාදා විකිනීමේ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරන අදී. පසුව 'කැල්කියුලේටර්' සාදා විකිනීමේ ව්‍යාපාරයක්දකරගෙන යන ලදී.ඉන් අනතුරුව ඔහුගේ සිත කුඩා පරිගක නිශ්පාදනය කෙරෙහි යොමු විය.

ඒ අනූව 1975 දී තම පරිගණකය "ඇල්ටෙයා 8800 (Altair 8800)නමින් වෙලද පොලට ඉදිරි පත් කිරීමට 'එඩී රොබට්ස්' සමත් විය.එම පරිගණකය සදහා ඔහු යොදා ගත්තේ 'ඉන්ටෙල්' සමාගමේ "ඉන්ටෙල් 8800" නැමති එකල පැවති ප්‍රබලම චිපයයි.මෙසේ නිපදවු පරගණකය පිලිබද විශේෂාන්ගයක් 1975 ජනවාරි මස නිකුත් කල "පොපියුලර් ඉලෙක්ට්‍රොනික්ස්" (Popular Electronics)සගරාවේ පළවිය. 
මෙම දැන්වීම දුටු 'බිල් ගෙට්ස්(Bill Gates)' හා 'පොල් ඇලන්(Paul Allen)' යන  මිතුරන් දෙදෙනා 'එඩ් රොබට්ස්' සොයා ගොස් ඔහුගේ 'ඇල්ටෙයා' පරිගනකයේ වැඩසටහන් ලිවීමට තමන්ටද අවස්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.ඒ සදහා ඔවුන්ට අවස්ථාවක් දීමට 'එඩ් රොබට්ස්' කැමති විය.ඒ අනූව'බිල් ගෙට්ස්' හා 'පොල් ඇලන්'යන මිතුරන් දෙදෙනා එක්ව මෘදුකාන්ගයක් එලි දැක් වූ අතර එය "බේසික් (BASIK-Beginners All -Purpose Symbolic Instruction Code)"ලෙස නම් කරන ලදී.මෙය ඔවුන්ගේ පමු එලි දැක්වීම වන අතර ඒ සදහා 'එඩී රොබර්ට්ස්' ගෙන් නොමද සහයක් ලැබුනි.
     පසුව 1975 දී 'ගෙට්ස් සහ ඇලන්' එක්ව "මයික්‍රොසොෆ්ට්(Microsoft)"සමාගම ආරම්භ කරන ලදී.අද වන විට මයික්‍රොසොෆ්ට් සමාගම ලොව පවතින විශාලතම මෘදුකාන්ග නිෂ්පාදන සමාගමයි.එම සමාගම සදහා ඔවුන්ට පදනම වූයේ එඩි රොබට්ස් ගේ 'ඇල්ටෙයා පරිගණකය වෙනුවෙන් සැකසූ 'බේසික්' වැඩසටහනයි.

  
පසු කලයේ දී තම පරිගණක නිෂ්පාදන ආයතනය විකුනා දැමූ 'එඩී රොබට්ස්' ගොවිතැන් කටයුතු කල අතර ඉන් අනතුරුව 1986 දී වෛද්‍ය උපාදිය ලභාගෙන වෛද්‍ය වරයෙකු ලෙස සේවය කලේය.කෙසේ වෙතත් පරිගණක ශේත්‍රයට විශාල සේවයක් කල "හෙන් රි එඩ්වඩ් රොබට්ස්" නම් නිර්මාණෂිලී පුද්ගලයා 2010 වර්ශයේ අප්‍රෙල් 1 වන දින සදහටම මෙලොවින් සමුගත්තේය.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හැට අටකි.
         'එඩී රොබට්ස්' නිරන්තරයෙන් නව තක්ෂනය ගැන උනන්දු විය."තත්තා මියයන්නට කලින් දවසේ මගෙන් 'ඇපල් අයි පෑඩ්' ගැන විස්තර අහුවා"යනුවෙන් ඔහුගෙ පුතා ලොස් ඇන්ජලීස් ටයිම්ස්(Los Angeles Times) පුවත්පතට පවසා ඇත.



No comments:

Post a Comment