Tuesday, May 5, 2015

ගුවන් යානා කළු පෙට්ටියේ නිර්මාතෘ

ගුවන් අනතුරක්  යනු තවත් එක් අනතුරක් පමණක් කොට සලකා අමතක කල හැක්කක් නොවේ.තවත් අනතුරක් වෙන්නට තිබෙන ඉඩකඩ වලක්වා ගැනීමට එම අනතුර ගැන දීර්ග වශයෙන් විමර්ශනය කල යුතුය.
                            ලෝකයේ පළමු ජෙට් එයාර් ලයිනර් ගුවන් අනතුර 1953 දී සිදුවිනි.මෙම ගුවන් අනතුර ගැන විමර්ශනය කිරීම සදහා කණ්ඩායමක් පත් කරන ලදී. විමර්ශනය සිදු කරන අතරේ කණ්ඩායමේ සිටි එක් සමජිකයෙකුට තේරුම් ගියේ ගුවන් යානයක් අනතුරට පත්වන මොහොතේ  නියමු කුටියේ සිදුවන කතා බහ දැන ගැනීම සදහා යම් ක්‍රම වේදයක් ඇත්නම් අනතුරට සම්බන්ද බොහෝ තොරතුරු ඉන් හෙළිකර ගැනීමට හැකිවන බවයි.එම අපූරු අදහස ඇතිවූ පුද්ගලයා වුයේ ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යන්‍යයකු වූ ඩේවිඩ් වොරන්‍  ( David Warren) ය.  
                මේ පිළිබද පර්යේෂණ කරමින් සිටි වොරන් 1956 දී කුඩා උපකරණයක් නිපද වීමට සමත් විය.මෙමගින් කඩා වැටෙන ගුවන් යානයක බිහිසුණු අවසන් මොහොතේ තොරතුරු ඉබේම රැස්වේ.එය 'විද්‍යාත්මක ගුවන් යානා තොරතුරු රෙකෝඩරය' (FDR-flight data recorder/ CVR -cockpit voice recorder) යනුවෙන් හදුන්වන ලදී .නමුදු මෙහි ජනප්‍රිය නාමය වනුයේ 'කළු පේට්ටියයි(Black Box)  .එවකට වොරන් ඕස්ට්‍රේලියානු ගගන යානා පර්යේෂණ ආයතනයේ විද්‍යන්‍යයකු ලෙස කටයුතු කරන ලදී.නිෂ්පාදනයේදී මෙය තැබිලි පැහැති කුඩා පෙට්ටියකි .නමුත් මෙය අනතුරකට පසු සොයාගන්නා බොහෝ අවස්ථා වලදී කළු පාටට හැරී ඇති නිසා 'කළු පෙට්ටිය' ලෙස හදුන්වයි.
                            කළු පෙට්ටියයේ ඇති විශේෂත්වය නම් ගුවන් යානයක වැදගත් තොරතුරු  යම් කාල පරාසයක් දක්වා එහි පටිගතවී යාවත්කාලීන වන අතර එම තොරතුරු(ගමන් කල උස,වේගය,  දිශාව,රේඩියෝ සංවාද ආදිය) ඇතුලත් උපකරණ වලට කුමන ආකාරයේ භයානක ගුවන් අනතුරකදී උවද කිසිදු හානියක් නොවන ආකාරයට ඉතාමත් ශක්තිමත් ආවරණයක් සහිතව නිපදවා තිබීමයි.සාමාන්‍යයෙන් ගුවන් යානයක පිටුපස වලිග කොටසේ කළු පෙට්ටිය ස්ථාපිත කරයි. ඒ අනතුරකදී පිටුපස වල්ග කොටසට සිදුවන හානිය තරමක් අවම නිසා සහ සොයාගැනීම පහසු නිසාය.
   
  කළු පෙට්ටියේ ශක්තිමත් බව ගැන සදහන් කරනවානම් කලතුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් කිසි හානියක් නොවන තරමට දැඩිය.සෙන්ටිග්‍රේඩ් අංශක 1000 ක උෂ්ණත්වයේ උවද පැය භාගයකට වඩා පැවතිය හැකිය.අඩි 20000ක් ගැභුරු මුහුදේ මස ගානක් හනියකින් තොරව පැවතිය හැකිය. වර්තමානයේ තවත් දියුණු තාක්ෂණික අංග මීට එකතුකර වඩාත් දියුණු තත්වයෙන් භාවිතයට ගනී.
   

                                   ඩේවිඩ් වොරන් විසින් නිර්මාණය කල කලුපෙට්ටියේ විශේෂ වගන්තියක් සදහන් කරන ලදී.එනම්  "ගුවාන් ගමන් තොරතුරු විවුර්ත නොකරන්න(Flight Recorder; Do Not Open)" යනුවෙනි. වර්තමානයේද සියලු ගුවන්යානා කලුපෙට්ටි වල මෙම වගන්තිය සදහන් කර ඇත.
                      තම විශිෂ්ට නිර්මාණය තුලින් ගුවන් යානා ශේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහත් සේවයක් ඉටුකළ ඩේවිඩ් වොරන් 2010 ජුලි මස 19 දින අවසන් ගමන් ගියේය.එවනවිට ඔහුගේ වයස 85 ක් විය.ඔහුට කරන ගෞරවයක් වශයෙන් යම් වගන්තියක් ඔහුගේ දේහය තැම්පත් කර ඇති මංජුසාවේ සටහන් කරන ලදී. එයනම් "Flight Recorder Inventor; Do Not Open "යන වගන්තියයි.
             .

No comments:

Post a Comment