Tuesday, July 23, 2013

කොළ පැහැති කොකා කෝලා

වසර 1920 ගණන් සිටම රතු පාට කොකා කෝලා ලාංඡනය යනු එම පානයේම සුවිශේෂී කොටසකි.
කෙසේ වෙතත්, මෙම රතු පැහැය හරිත පැහැයට හැරී ඇතැයි වාර්තා වේ.
ඒ, ආර්ජන්ටිනාවේ වෙළඳපොලට නිකුත් කර ඇති අළුත් ම ‘කොකා කෝලා ලයිෆ්’ නිෂ්පාදනයත් සමගිනි.

මෙම නිෂ්පාදනය සාම්ප්‍රදායී කොකා කෝලා නිෂ්පාදනයට වඩා වෙනස් වන්නේ එහි කොළ පැහැති ලාංඡයනය මගින් පමණක් නොවේ.
‘කොකා කෝලා ලයිෆ්’ පානය පැණිරස කර ඇත්තේ කැලරි රහිත ස්වභාවික පැණිරසකාරකයක් වන ස්ටීවියා මගිනි.
ස්ටීවියා යනු උතුරු හා දකුණු ඇමෙරිකානු මහද්වීපයේ නිවර්තන කලාප වලට ආවේනික ශාඛයකි. කෝක් හා පෙප්සි සමාගම් විසින් වෙනත් නිෂ්පාදන සඳහා ස්ටීවියා යොදාගත්තද, කොකා කෝලා පැණිරසගැන්වීමට මෙය යොදාගෙන ඇති පළමු අවස්ථාව මෙය බව පැවසේ.

No comments:

Post a Comment