මහා
සයුරේ ගිලි ඇති පෘතුවි භුමිය පවතින්නේ තල කීපයකට වෙන් වී. මේවා tectonic
plates ලෙස හදුන්වයි. ඇලෙක්ස් මස්ටඩ් නැමති ඡායාරුප ශිල්පියා විසින් අඩි 80
ක් ගැඹුරු මුහුදේ කිමිදී ලබා ගත් මෙම ඡායරුපය සැබවින්ම උතුරු ඇමෙරිකා සහ
යුරෝපා/ආසියා මහද්වීප භූතල වෙන්වන හිඩැස අතරින් ලබා ගත් ඡායරුපයක්. මෙම භූතල ඉතා වේගයෙන් (වසරකට අඟලක් පමණ) ඉවතට ඈත් වෙමින් පවතින බව සොයා ගෙන තියනවා. මෙලෙස ලොව සියලු මහද්වීප එකිනෙකා ගෙන් ඉවතට පාවෙන අතරම ලෝක සිතියම සියුම්ව වෙනස් කිරීමට හේතු වෙනවා.
දරුණු සුනාමි හටගන්නා භූමිකම්පා , යෝධ ගිනි කඳු බිහි වන්නේ ගැඹුරු මුහුදේ සිදු වන මෙම භූ තල එකිනෙක ගැටීම් හා පිපිරීම් නිසා.
No comments:
Post a Comment