Monday, April 8, 2013

සමුදුරු දිවි රකින්න එන සොඳුරු කිඳුරිය


මෙම පුවත අපේ කාලයේ දියකිඳුරියක් පිළිබඳවයි.

දියයට පිහිනුම්කාරියක්, නිළියක් හා නිරූපන ශිල්පිනියක් වන 36 හැවිරිදි හැනා ෆේ‍්‍රසර් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.

වර්තමානයේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි පදිංචි ඇය, දියකිඳුරියකගේ වලිගයකට සමාන වලිගයක ආධාරයෙන් ගැඹුරු මුහුදේ කිමිදෙන්නියෙකි.

ඒ, සමුදුරු ජීවය රකින මෙන් ඉල්ලන පණිවිඩයද සමගිනි.

විනාඩි දෙකක් දක්වා හුස්ම රඳවා ගත හැකි හැනා, අඩි 45ක් දක්වා ගැඹුරට කිමිදෙයි. ඇය කිමිදෙන්නේ සාමාන්‍ය කිමිදුම්කරුවන් විසින් යොදාගන්නා ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු ආම්පන්න ද රහිතවයි.
සිය වලිගයේ ආධාරයෙන් වේගයෙන් පිහිනන හැනා, මේ වන විට තල්මසුන්, ඩොල්ෆින් සතුන් හා මඩුවන් හා මෝරන් සමගද මෙලෙස පිහිනා ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
මේ අතර, පරිසර ජීවී සංරක්‍ෂණවරියක්, දියයට පිහිනුම්කාරියක්, හා නිරූපන ශිල්පිනියක් ලෙස ගතවන හැනා ගේ දිවිපෙවෙත පිළිබඳ වාර්තාමය චිත‍්‍රපටියක් ද නිෂ්පාදනය වෙමින් පවතින බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment