Friday, June 14, 2013

මව් කිරිවලට සමාන රසයක් ඇති ලොලිපොප්

සැබෑ මව් කිරිවලට සමාන රසයක් සහිත රසයක් ඇති ලොලිපොප් තැනීමට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ රස කැවිලි සමාගමක් සමත්ව තිබේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් හි ලොලිෆිල් නම් රස කැවිලි සමාගම විසින් මේ අලුත් නිෂ්පාදනය සිදුකර ඇත.
මෙම ලොලිපොප් නිෂ්පාදනයට සැබෑ මවුකිරි යොදා නොගන්නා බව පවසන අදාල සමාගම මෙය නිර්මාංශ ආහාරයක් යැයි පවසයි.
මව්වරුන් හතර දෙනකුගේ කිරි නියැදි පිරික්සා බලා හොඳම රසැති මව්කිරි නියැදියට සමාන රසයකින් යුක්තව මෙම ලොලිපොප් නිර්මාණය කළ බව රස කැවිලි සමාගමේ නිර්මාතෘ ජේසන් ඩාර්ලිං පවසා ඇත.
මව් කිරි රසැති ලොලිපොප් හතරක් ඇමෙරිකා ඩොලර් 10 කටද, (රුපියල් 1280) ලොලිපොප් 12ක ඇසුරුමක් ඩොලර් 24කටද, ලොලිපොප් 36ක ඇසුරුමක් ඩොලර් 58කටද අලෙවි කෙරෙන බව ද ඔස්ටින් රස කැවිලි සමාගමේ වෙබ් අඩවිය පවසයි.

No comments:

Post a Comment