Tuesday, June 4, 2013

ක්ලෝනීකරණ තාක්ෂණය ඔස්සේ විද්‍යාවේ තවත් පියවරයක්

ක්ලෝනීකරණ තාක්ෂණය ඔස්සේ විද්‍යාවේ තවත් දැවැන්ත පියවරයක් ඉදිරියට තැබීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
ඒ, මිනිස් ක්ලෝනීකරණ තාක්ෂණය යොදාගනිමින් මගින් ප්‍රථමික අවධයේ පසුවන මිනිස් කළල නිපදවීමෙනි.
මෙම අධ්‍යයනයේ විස්තර සෙල් නම් ජර්නලයේ පළ කර තිබේ.
ක්ලෝනීකරණයෙන් නිපදවූ මෙම මිනිස් කළල ස්ටෙම් සෙල්ස් (stem cells) හෙවත් පියවි සෛල වල උල්පතක් ලෙස භාවිතා කර ඇතැයි ද එහි දැක්වේ.
පියවි සෛල මගින් කලල අවස්ථාවේ සිට ඇති වන වෙනත් ඕනෑම සෛලයක් බවට පෙරළිය හැක.
ක්ලෝනීකරණයෙන් නිපදවූ ඩොලී නම් බැටළුවා නිපදවීමට යොදාගත් තාක්ෂණික ක්‍රමවේදයන්ට සමාන ක්‍රමවේද මෙම අධ්‍යයනය සඳහා යොදා ගෙන ඇතැයි එහි දැක්වේ.
කෙසේ වෙතත්, පර්යේෂකයන් පවසන්නේ පියවි සෛල ලබාගැනීමට ඇති ක්‍රම වඩාත් පහසු හා මිලෙන් අඩුවිය හැකි බවයි.

No comments:

Post a Comment