Monday, April 8, 2013

යුක්රේනයේ ආදර බිංගෙය

යුක්රේනයේ ‘ටනල් ඔෆ් ලව්’ (පේ‍්‍රමයේ බිංගෙය) ලෙස හැඳින්වෙන් මෙම ස්ථානය එරට පෙම්වතුන්ගෙ පාරාදීසයකි.

කෙසේ වෙතත්, මෙහි නිසල බව තාවකාලිකය. ඒ, මෙය පෞද්ගලික දුම්රිය මාර්ගයකට අයත් කි.මී. 03ක කොටසක් වන බැවිනි.

නැගෙනහිර යුක්රේනයේ ක්ලේවන් ප‍්‍රදේශයේ පිහිටි ෆයිබර්බෝඩ් කම්හලකට දර ගෙනයන දුම්රිය මෙම මාර්ගය ඔස්සේ දිනකට තෙවරක් ගමන් කරයි.

කෙසේ වෙතත්, යකඩ යකා නොමැති වේලාවට මෙහි ගමන්ගන්නේ පෙම්වතුන්ය.

No comments:

Post a Comment