Tuesday, April 2, 2013

අනුභව කළ හැකි කෝප්ප


බීම පානය කිරීමෙන් අනතුරුව අනුභව කළ හැකි කෝප්ප පෙළක් පිළිබඳ පුවතක් නිව්යෝක් නගරයෙන් වාර්තා වේ.

ලොලිවෙයාර් ලෙස නම් කර ඇති මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ පළතුරු පෙක්ටින් වලින් වන අතර, හිඳන ලදූ උක් සීනි වලින් එයට පැණිරස එක් කර ඇත.

ඇමෙරිකාවේ පාසන්ස් නිර්මාණ පාසැලේ සිසුවියන් සිවුදෙනෙක් විසින් නිර්මාණය කර ඇති මෙම නිෂ්පාදනය නිව් යෝක් හි සමාගමක් වන ’ද වේ වී සී ද වර්ල්ඞ්’ විසින් නිෂ්පාදනය කර ඇත.

එක් රසයකින් යුත් වීදුරු 48ක පෙට්ටියක මිල ඇමෙරිකානු ඩොලර් 144ක් වන බවත්, මිලදීගැනීමෙන් දින තුනක් ඇතුළත මේවා පාචිච්චියට ගත යුතු බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

No comments:

Post a Comment