Saturday, March 5, 2016

දෙවැනි ලෝක යුද්ධයේ කඩඉම එනිග්මා යන්ත්‍රය

එනිග්මා යන්ත්‍රය(Enigma Machine),මෙය ජර්මනිය විසින් නිපදවා දෙවැනි ලෝක යුද්ධ සමයේ තම හමුදා කන්ඩායම් වලට පණිවිඩ සහ නියෝග නිකුත් කිරීමට බහුල වශයෙන්ම භාවිතා කල යන්ත්‍රයයි. විශේෂයෙන්ම නාවික සබ්මැරීන් වලට. එකල මෙය හැදින්වුයේ ලොව බිහිවූ ගුප්තම යන්ත්‍රය ලෙසයි.එයට හේතුව මෙහි පහිවුඩ යැවීමට සහ ලබා ගැනීමට භාවිතා කල ක්‍රමවේදය කිසිවෙකුටත් අවබෝද කරගැනීමට නොහැකිවූ නිසාවෙනි.එහි භාවිත වුයේ කෝඩ් ක්‍රමයකි. මෙම කෝඩ් එක අවබෝද කරගැනීමට (කේතය බිඳීමට) මිත්‍ර පාර්ෂික සෑම රටක් මෙන්ම එංගලන්තය විසින්ද රහසිගතව මෙහෙයුමක් දියත්කල අතර ඒ සදහා විද්වත් කණ්ඩායමක් පත්කරන ලදී. එහි සිටි මහාචාර්ය වරයෙකුවූ ඇලන් ටියුරින්(Alan Turing) හට අවසානයේ මෙමකේතය බිඳීමට හැකිවන අතර ඔවුන්ට මෙම එනිග්මා යන්ත්‍රය හරහා හුවමාරුවන ජර්මානු පණිවුඩ අවබෝදකර ගැනීමට හැකිවනවා.නමුත් එය රහසක් ලෙස තබාගැනීමට එංගලන්තය වගබලා ගන්නා ගමන් ජර්මානු ප්‍රහාර වලටත් සාර්ථකව මුහුණ දෙනවා.එය රහසක් ලෙස තබා ගත්තේ ජර්මනිය යම් අකාරයකින් දැනගතහොත් එනිග්මා කේතය බිඳ දමා ඇතිබව ඔවුන් නොපමාව යන්ත්‍රය වෙනස් කරන නිසාවෙනි .ඇලන් ටියුරින් විසින් මෙම කේතය බිඳීම සදහා යන්ත්‍රයක් නිර්මාණය කරයි එය ටියුරින් යන්ත්‍රය ලෙස හැදින්විය(Turing Machine s ).ඇත්තටම එය පරිගණකයයි.මෙසේ එනිග්මා කේතය බිද දැමීම නිසා ජිවිත මිලියන 14ක් පමණ බේරාගැනීමට හැකිවන අතර .දෙවන ලෝක යුද්ධය අවුරුදු 2කින් කෙටිකර ගැනීමට හැකිවූ බවයි පසුව ප්‍රකාශ වුනේ. මෙය අවුරුදු 50ක්ම රහසක් ලෙස එංගලන්තය විසින් තබා ගන්නවා.එමනිසා ඇලන් ටියුරින්ට ලැබිය යුතුව තිභූ ගෞරවයද එකල නොලැබෙන අතර එය ලැබෙන්නේ 2013 වර්ෂයේදීයි.ඒවනවිට ටියුරින් මහාචාර්ය වරයා මෙලොව හැරගොස් බොහෝකලක් ගතවී අවසානයි.

Sunday, February 28, 2016

තවමත් ලෝකයාට අභිරහසක් වූ පාස්කු දූපතේ ශිලා ප්‍රතිමා.(Ester Island)

අප ජීවත්වන ලෝකයේ අපට අවබෝද කරගත නොහැකි අබිරහස් බොහොමයක් සැගව පවතින අතර  මිනිසා විසින් නිර්මාණය කළාදැයි විශ්වාස කිරීමට නොහැකි මට්ටමේ විවිද නිර්මාණයන්ද ඒ අතර වේ. එම නිර්මාණ වෙනත් පිටසක්වල ජීවීන්ගේ අනුදැනුමෙන් නිර්මාණය වන්නට ඇතැයි පවසන්නේද එබැවිනි. වගා කව,පිරමීඩ,බර්මියුඩා තිකෝනය,පාස්කු දූපතේ ගල් ප්‍රතිමා, ආදිය එවැනි නිර්මාණ අතර වේ.මෙම ලිපියේ අරමුණ ලෝකයට අභිරහසක්වූ පාස්කු දූපතේ ගල් ප්‍රතිමා පිළිබද ඔබේ අවදානය යොමුකරවීමයි.
              මෙම පාස්කු දූපත අයත් වන්නේ චිලී දේශයට වන අතර එය ගිනිකඳු විදාරණය වීමකින් නිර්මාණය වන්නට ඇතැයි උපකල්පනය කරන කුඩා දූපතකි. මෙහි පිහිටීම අනුව සමකයට අන්ෂකක 27ක් පමණ දකුණු දෙසින් පැසිපික් සාගරයේ  පිහිටයි.තවද මෙම දූපතට චිලියේ සිට කි.මි.3600 ක පමනදුරක් ඇති නිසා මෙය ලොව වඩාත්ම දුරින් පිහිටි ජනතාවක් වාසය කරන දූපත ලෙසද සලකයි.භූමියේ විශාලත්වය වර්ග කි.මි. 117 ක් පමණ වේ.එය අක්‍රීය ගිනිකඳු තුනකින් නිර්මාණය වී ඇති අතර උසම ගිනි කන්ද "ටෙරිවකා" යනුවෙන් හඳුන්වයි. කලින් මෙම දූපත "ලෝකයේ මද්‍යය" යන තේරුම දෙන නමකින් හදුන්වා ඇති අතර පසුව මේම දුපතට පැමිණි ප්‍රථම යුරෝපිකයා පැමිණ ඇත්තේ 1722කේ පාස්කු ඉරිදා දිනයක බැවින් මෙයට පාස්කු දූපත (Ester Island) යනුවෙන් නම් තබා තිබේ.
          මෙම පාස්කු දූපතේ විශේෂත්වය වන්නේ මෙහි විශාල ප්‍රමාණයේ පාෂාණමය ප්‍රතිමා 800 කට අදික ප්‍රමාණයක් දක්නට ලැබීමයි.තවද මෙම ප්‍රතිමා මේ ආකාරයට ඉදිකිරිම පිළිබඳව වන නිශ්චිත හේතුවක් දැනගැනීමට මේදක්වා හැකියාවක් ලැබී නැත.එය තවමත් ලෝකයාට නොවිසදුනු අභිරහසකි.මීට ශතවර්ෂ කීපයකට පෙර මෙහි ඉතා හොඳ වනගහනයක් පැවති අතර කාලයාගේ ඇවෑමෙන් එය ක්‍රමයෙන් විනාශ වී ගොස් ඇති අතර වර්තමානයේ මෙය සුළු පිරිසක ජනතාවක් වෙසෙන නිසරු මුඩු බිමක් බවට පත්වී තිබෙනවා.
         පාස්කු දූපතේ මේවනවිට ශිලාප්‍රතිමා 880කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ඒවා මීටර් 3 සිට 12 දක්වාවූ විවිද උස මට්ටම් වලින් යුක්ත වනවා.මෘදු ගිනිකඳු පාශානයෙන් නිර්මිත මෙම ප්‍රතිමා වල විශාල හිසක් පිහිටා ඇති අතර කැපීපෙනෙන ලෙස නාසය හා කන් දක්නට ලැබෙනවා.මේ ප්‍රතිමා නෙලීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ රානෝ රකාකු නම් ගිනිකඳු ආවාටයෙන් බවයි විද්‍යාක්න්‍යයින් පවසන්නේ.ක්‍රි.ව 400 දී පමණ පෙලිනීසියානුවන් විසින් මුලින්ම මෙම දූපත ජනාවාස කල අතර ක්‍රි.ව.800 ත් 1000 ත් අතර කාලයේ මෙහි දක්නට ලැබෙන විශාල ප්‍රතිමා නිර්මාණය වන්නට ඇතැයි සැලකෙනවා.මෙම ප්‍රතිමා Moai යනුවෙන් හඳුන්වනවා.
            අඩි 14ක් පමණ වන සාමාන්‍ය ප්‍රතිමාවක බර ටොන් 14ක් පමණ වෙනවා.තවත් සමහර ප්‍රතිමා අඩි 33 ක් පමණ උස වන අතර බර ටොන් 80 ක් පමණ වෙනවා.තවත් ප්‍රතිමාවක් වැළලී තිබී හමුවූ අතර එය අඩි 65ක් උස්වූ අතර ටොන් 270 ක පමණ බරින් යුතු වුනා.දූපතේ මෙම විශාල ප්‍රමාණයේ ප්‍රතිමා තැම්පත් කිරීමට පොලව මත විශාල වේදිකා ඉදිකොට ඇතිඅතර විශාලත්වය අනුව.ප්‍රතිමා ඉදිකළ ස්ථානයේ සිට වේදිකාමතට ඇදගෙන ඒමට මිනිසුන් 50 ත් 150ත් අතර පිරිසක් අවශ්‍ය වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.එම වේදිකා මුහුද දෙසට යොමුවන පරිදි නිර්මාණය කර තිබෙනවා.ඉතා සියුම් ලෙස ගල් සම්බන්ද කරමින් තනා ඇති වේදිකා ඉදිකිරීමේදී කිසිදු බදාමයක් යොදානොගැනීමද විශේෂත්වයක් සාමාන්‍යයෙන් එවැනි එක වේදිකාවක ප්‍රතිමා 4ත් 6ත් අතර ප්‍රමාණයක් සවිකර තිබෙන අතර ටොන්ගාරී නමැති වේදිකාවේ ප්‍රතිමා 15ක් සවිකර තිබෙනවා.
              කෙසේ වෙතත් මේ මහා නිර්මාණය කල මිනිසුන් පිළිබඳව මේ දක්වා ප්‍රමාණවත් තරම් තොරතුරු අනාවරණය කර ගැනීමට පර්යේෂකයන්ට හැකියාවක් ලැබී නැහැ .මෙවැනි ප්‍රතිමා නිර්මාණය කිරීමට බලපෑ හේතු හෝ එයින් කුමක් බලාපොරොත්තු වුවාද යන්න තවමත් පැහැදිලිවී නොමැත.නමුත් ජනතාව තම ආගමික ඇදහිලි හා විශ්වාස වෙනුවෙන් මේවා ඉදිකරන්නට ඇති බවට ජනප්‍රිය මතයක්නම් පවතිනවා.ඒවගේම ඔවුන්ට හොද තාක්ෂණික දැනුමක් තිබූ බවටත් මෙම නිර්මාණ  සාක්ෂි දරනබැවින් පස්කු දූපත අදටත් සැලකෙන්නේ අතිශය වැදගත් පුරාවිද්‍යාත්මක භූමියක්‌ ලෙසයි.
 
         තවද මෙහි වාසය කල පැරණි ජනතාව පාස්කු දූපත" ලෝකයේ මද්‍යය,ස්වර්ගය දෙස බලන ඇස"යන අනුවර්ත නාමයන් වලින් හැදින්වීමට හේතුව කුමක් වියහැකි ද.එය පැරණි මිත්‍යා විශ්වාසයක්ද නැතහොත් අපට වැටහෙන මානයට එහා ගිය වෙනත් හේතුවක් නිසා විය හැකිද. ඒ නිසාම පාස්කු දූපතේ ශිලා ප්‍රතිමා තවමත් පවතින්නේ ලොව නොවිසදුනු අභිරහසක් ලෙසයි.

Friday, October 30, 2015

මල් පිපෙන කාන්තාරය.

කාන්තාරයේ මල් පිපෙනවා කිව්වොත් අපි කවුරුත් ටිකක් විතර පුදුම වෙනවා නේ.ඒ උනාට ලෝකෙ මල් පිපෙන කාන්තාරයක් තියෙනවා .ඒ තමයි අටකමා කාන්තාරය (Atacama desert) .එසේ සිදුවන්නේ අවුරුදු 5කට හෝ 7කට සැරයක් බවයි කියවෙන්නේ. මෙසේ වීමට හේතුව තමයි මෙම කාන්තාරයට යම් කාල සීමාවකට වරක් වර්ෂාව පතිත වීම.එමගින් මෙම මල් සහිත ශාක වැවීමට හිතකර පරිසර තත්වයක් කාන්තාරය මතුපිට ඇතිවෙනවා.ඒ කොහොම උනත් එය හරිම සුන්දර දර්ශනයක් බව අමුතුවෙන් කියන්න ඕන නැ නේද.


Friday, September 25, 2015

මෙලොව එලිය දකින්නටත් පෙර යුද්දයේ වේදනාව විදවූ සිරියානු බිළිදා.

මෙය සිරියාවෙන් වාර්තා වූ තවත් අනුවේදනීය පුවතකි.එනම් වර්තමානයේ සිරියාවේ පවතින අභ්‍යන්තර යුද ගැටුමකට මැදිවූ ගර්භනී කාන්තාවක් අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලබා රෝහල් ගතකරන ලදී.පසුව සිරියානු  වෛද්‍ය  කණ්ඩායමක් විසින් සිදුකල සිසේරියන් සැත් කමක් මගින් බිළිදා පිටතට ගත් අතර එහිදී පෙනී ගියේ ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ අදාල කාන්තාවගේ උදරයට එල්ලවූ  උණ්ඩයකට සමාන යකඩ කැබැල්ලක් උදරය හරහා ගොස් කුසතුල සිටි බිළිදාගේ හිසේ මදක් ගැබුරට ඇමිණී ඇති බවයි . නමුත් දරුවා ජීවත්ව සිටි බැවින් වෛද්‍යයවරුන් වහාම තවත් සැත්කමක් මගින් එම යකඩ කැබැල්ල ප්‍රවේශමෙන් දරුවාගේ හිසෙන් ඉවත් කරනු ලැබුවා.වාසනාවට බිළිදාගේ සහ මවගේ ජීවිත බේරා ගැනීමට මෙම සිරියානු කණ්ඩායමට හැකියාව ලැබුනා.
සිරියාවේ දිගින් දිගටම පවතින  ගැටුම්කාරී තත්වය එරට ජනතාවගේ වාසය සදහා නුසුදුසු මිහිපිට අපායක් බදු තත්වයට පත්ව ඇතිබව මෙවැනි පුවත් මගින් ලෝකයාට තවදුරටත්  සනාත කොට සිටී.
                                

Tuesday, May 5, 2015

ගුවන් යානා කළු පෙට්ටියේ නිර්මාතෘ

ගුවන් අනතුරක්  යනු තවත් එක් අනතුරක් පමණක් කොට සලකා අමතක කල හැක්කක් නොවේ.තවත් අනතුරක් වෙන්නට තිබෙන ඉඩකඩ වලක්වා ගැනීමට එම අනතුර ගැන දීර්ග වශයෙන් විමර්ශනය කල යුතුය.
                            ලෝකයේ පළමු ජෙට් එයාර් ලයිනර් ගුවන් අනතුර 1953 දී සිදුවිනි.මෙම ගුවන් අනතුර ගැන විමර්ශනය කිරීම සදහා කණ්ඩායමක් පත් කරන ලදී. විමර්ශනය සිදු කරන අතරේ කණ්ඩායමේ සිටි එක් සමජිකයෙකුට තේරුම් ගියේ ගුවන් යානයක් අනතුරට පත්වන මොහොතේ  නියමු කුටියේ සිදුවන කතා බහ දැන ගැනීම සදහා යම් ක්‍රම වේදයක් ඇත්නම් අනතුරට සම්බන්ද බොහෝ තොරතුරු ඉන් හෙළිකර ගැනීමට හැකිවන බවයි.එම අපූරු අදහස ඇතිවූ පුද්ගලයා වුයේ ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යන්‍යයකු වූ ඩේවිඩ් වොරන්‍  ( David Warren) ය.  
                මේ පිළිබද පර්යේෂණ කරමින් සිටි වොරන් 1956 දී කුඩා උපකරණයක් නිපද වීමට සමත් විය.මෙමගින් කඩා වැටෙන ගුවන් යානයක බිහිසුණු අවසන් මොහොතේ තොරතුරු ඉබේම රැස්වේ.එය 'විද්‍යාත්මක ගුවන් යානා තොරතුරු රෙකෝඩරය' (FDR-flight data recorder/ CVR -cockpit voice recorder) යනුවෙන් හදුන්වන ලදී .නමුදු මෙහි ජනප්‍රිය නාමය වනුයේ 'කළු පේට්ටියයි(Black Box)  .එවකට වොරන් ඕස්ට්‍රේලියානු ගගන යානා පර්යේෂණ ආයතනයේ විද්‍යන්‍යයකු ලෙස කටයුතු කරන ලදී.නිෂ්පාදනයේදී මෙය තැබිලි පැහැති කුඩා පෙට්ටියකි .නමුත් මෙය අනතුරකට පසු සොයාගන්නා බොහෝ අවස්ථා වලදී කළු පාටට හැරී ඇති නිසා 'කළු පෙට්ටිය' ලෙස හදුන්වයි.
                            කළු පෙට්ටියයේ ඇති විශේෂත්වය නම් ගුවන් යානයක වැදගත් තොරතුරු  යම් කාල පරාසයක් දක්වා එහි පටිගතවී යාවත්කාලීන වන අතර එම තොරතුරු(ගමන් කල උස,වේගය,  දිශාව,රේඩියෝ සංවාද ආදිය) ඇතුලත් උපකරණ වලට කුමන ආකාරයේ භයානක ගුවන් අනතුරකදී උවද කිසිදු හානියක් නොවන ආකාරයට ඉතාමත් ශක්තිමත් ආවරණයක් සහිතව නිපදවා තිබීමයි.සාමාන්‍යයෙන් ගුවන් යානයක පිටුපස වලිග කොටසේ කළු පෙට්ටිය ස්ථාපිත කරයි. ඒ අනතුරකදී පිටුපස වල්ග කොටසට සිදුවන හානිය තරමක් අවම නිසා සහ සොයාගැනීම පහසු නිසාය.
   
  කළු පෙට්ටියේ ශක්තිමත් බව ගැන සදහන් කරනවානම් කලතුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙඩි තැබුවත් කිසි හානියක් නොවන තරමට දැඩිය.සෙන්ටිග්‍රේඩ් අංශක 1000 ක උෂ්ණත්වයේ උවද පැය භාගයකට වඩා පැවතිය හැකිය.අඩි 20000ක් ගැභුරු මුහුදේ මස ගානක් හනියකින් තොරව පැවතිය හැකිය. වර්තමානයේ තවත් දියුණු තාක්ෂණික අංග මීට එකතුකර වඩාත් දියුණු තත්වයෙන් භාවිතයට ගනී.
   

                                   ඩේවිඩ් වොරන් විසින් නිර්මාණය කල කලුපෙට්ටියේ විශේෂ වගන්තියක් සදහන් කරන ලදී.එනම්  "ගුවාන් ගමන් තොරතුරු විවුර්ත නොකරන්න(Flight Recorder; Do Not Open)" යනුවෙනි. වර්තමානයේද සියලු ගුවන්යානා කලුපෙට්ටි වල මෙම වගන්තිය සදහන් කර ඇත.
                      තම විශිෂ්ට නිර්මාණය තුලින් ගුවන් යානා ශේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහත් සේවයක් ඉටුකළ ඩේවිඩ් වොරන් 2010 ජුලි මස 19 දින අවසන් ගමන් ගියේය.එවනවිට ඔහුගේ වයස 85 ක් විය.ඔහුට කරන ගෞරවයක් වශයෙන් යම් වගන්තියක් ඔහුගේ දේහය තැම්පත් කර ඇති මංජුසාවේ සටහන් කරන ලදී. එයනම් "Flight Recorder Inventor; Do Not Open "යන වගන්තියයි.
             .

Friday, May 1, 2015

ලෝකයේ අලන්කාරතම පාර්ලිමේන්තු ගොඩනැගිලි.

1 හංගේරියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල.
මෙහි ඉදිකිරීම් 1885 දී ආරම්භ කර 1904 දී අවසන්කර ඇත.Budapest වල පිහිටා ඇත
















2 එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල.
ලන්ඩනයේ පිහිටා ඇත.

















3 ඇමරිකා එක්සත් ජනපදයේ  පාර්ලිමේන්තු ගොඩනැගිල්ල.
 මෙහි ඉදිකිරීම් 1793 දී ආරම්භ කර 1800 දී අවසන්කර ඇති අතර  වොෂින්ටනයේ පිහිටා ඇත.













4  ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල.
 මෙය 1894 සිට භාවිතයට ගෙන ඇති අතර.බර්ලින් වල පිහිටා ඇත.













5  කැනඩා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල.
 ඔටාවා වල පිහිටා ඇත.
















6  ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල.
 නව දිල්ලියේ පිහිටා ඇති මෙය 1910 දී ගොඩනන්වන ලදී.















7 නෙදර්ලන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල.

Monday, April 27, 2015

සේවකයන්ට හොදින්ම සලකන Google


තම සේවකයන්ට වැඩිම දීමනා සහ පහසුකම් ලබාදෙන ගෝලීය සමාගම් අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ගූගල් සමාගම සමත්වී තිබේ.ගූගල් සමාගම එසේ සේවකයන්ට සපයන සේවාවන් අතර නොමිලේ ආහාරපාන ලබාදීම.ලාස් වේගාස් හා හවායි දුපත් වැනි ස්ථාන වල සංචාරක අවස්ථා ලබාදීම. සම්බාහන පසුකම් ලබාදීම ආදිය අතුලත් වන අතර එහි සේවකයන්ට බල කිරීම් වලින් තොරව නාම්‍යශීලී  කාල සටහනක් යටතේ නිදහසේ  වැඩ කිරීමට අවස්ථාව ලබාදීම විශේෂයෙන් සදහන් කල හැකිය.
                 මෙම ලය්ස්තුවේ දෙවන ස්ථානය එක්සත් ජනපදයේ කොස්ටිකෝ වෙළද සමාගම හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය හිමිකරගන ඇත්තෙ සුප්ප්‍රකට ෆේස්බුක් සමාගමයි.